මම මේ සටහන ලියන්න ගත්තේම අනුරාධපුරේ ළමා අපචාරයට දැන් ‘හේමරතන රෝගයක් සුවකර ගැනීමේ ‘කෙමක්’ ලෙස ළමා කාම අපරාධයක යෙදුණේය යන අදහස පැතිරෙන නිසයි. මෙයින් පැහැදිළි වෙන්නේ ලිංගික අධ්‍යාපනය වහවහා පාසල් පිරිවෙන් හා සෙසු ආගමික පාසල්වල ඉගැන්විය යුතු බවයි. එයට කාම අපරාධ සම්බන්ධ රටේ පවතින නීතිය ද එකතු කළ යුතුයි.
වයසට යද්දී තරුණකම යළි ලබා ගැනීමේ ආශාව හා ප්‍රාර්ථනාව ඕනෑම සමාජය කණ්ඩායමක වෙසෙන ස්ත්‍රී/ පුරුෂ දේපාර්ශවයටම ඇති වෙන හැඟීමක්. මා දන්නා බටහිර ලෝකයේ මේ වෙනුවෙන් විශේෂයෙන්ම ධනවතුන් ‘ප්ලාස්ටික් සර්ජරි’ හෙවත් තරුණ කිරීමේ සැත්කම් වලට මුහුණ දෙනව. මේවට මුහුණේ රැලි ඉවත් කිරීමේ පටන් පියයුරුවල හැඩය වෙනස් කිරීම තොල් හා නාස්වලට අනුරාගී පෙනුම ලබා දීමත් ඇතුලත්. මීට අමතරව පිරිමි පුරුෂ ලිංග විශාල කර ගැනීම වගේ සැත්කම් කර ගන්නව. මේ සියල්ලම සිදුවෙන්නේ ව්‍යාඝ්‍ර වගේ ද්වජභංගයෙන් බේරීමේ බෙහෙත් පෙති ගැනීමට අමතරවයි.
සිංහල සමාජයේ බහුතරයකට තවමත් මේ දේවල ආගන්තුකයි. ඒත් ‘ගිරිත’ වගේ ද්වජභංගයට ප්‍රතිකාර සිංහල ආයුර්වේදයේ තියෙනව. වැල්පෙණෙල ඉතා ජනප්‍රිය ප්‍රතිකාරයක්. මීට අමතරව මගේ සමාජයේ තිරිහන්වීම වෙනුවෙන් විශ්වාස හා කෙම් ක්‍රම පවතිනව. ඉන් ප්‍රධාන එකක් මහල්ලන් ලාබාල තරුණියන් සමඟ අනුරාගී සබඳතා පැවැත්වීම. මේ විශ්වාසය සිංහල සමාජයේ මුල් බැසගත් එකක්. මගේ නව යොවුන්වියේ දී මුහුණේ කුරුලෑ මතු වෙද්දී මගේ සම වයසේ මිතුරියක් දුන්න උපදේශය මගේ මතකයේ තියෙනව.
මම මේ සටහන ලියන්න ගත්තේම අනුරාධපුරේ ළමා අපචාරයට දැන් ‘හේමරතන රෝගයක් සුවකර ගැනීමේ ‘කෙමක්’ ලෙස ළමා කාම අපරාධයක යෙදුණේය යන අදහස පැතිරෙන නිසයි. මෙයින් පැහැදිළි වෙන්නේ ලිංගික අධ්‍යාපනය වහවහා පාසල් පිරිවෙන් හා සෙසු ආගමික පාසල්වල ඉගැන්විය යුතු බවයි. එයට කාම අපරාධ සම්බන්ධ රටේ පවතින නීතිය ද එකතු කළ යුතුයි.
මීට වසර ගණනාවකට පෙර මාකොළ ඉස්ලාමීය ළමා නිවාසයක සිදුවූ අපරාධ ගැන සොයන්න ගිය මට දෙමාපියො කීවේ එය හෙළි වුවහොත් තම ආගමට හා ජන කණ්ඩායමට වන හානිය ඊට වඩා බරපතල බවයි. තවත් වරෙක මම කින්නියාට [මුතුර්] ගියා ‘රිසානා’ ගේ දෙමාපියො හමුවෙන්න. රිසානා කීවේ අර සෞධි අරාබියේ දී හිස ගැසුම් කෑ දැරිය. මම ගියාම මුළු ගමම එතනට එකතු වුණා. ඔවුන් මට කීවේ
මම වැඩේ අතැරියා. චන්ද්රන් රත්නම් ඒ ගැන හදපු ‘Caged Girl’ චිත්‍රපටයට මොකක් ද වුණේ කියල නම් දන්නේ නෑ. අපේ පාරම්පරික විශ්වාස හා පවත්නා නීතිය අතරේ විශාල දුරක් තියෙනව. මේ නිසා එක්කෝ අපි පාරම්පරික විශ්වාසයන් ගැලපෙන සේ නීතිය වෙනස් කළ යුතුයි. නැතිනම් පවත්නා නීතිය පාසල් අධ්‍යාපනය හරහා ඉගැන්විය යුතුයි.
පාර්ලිමේන්තුවේ ආසන් 159 අයිති මාලිමා ආණ්ඩුව නිදි කිරමින් නොසිට වහාම මේවා ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නැතිව රටේ සිදුවන ළමා කාම අපරාධ අවම කිරීමේ වෙනත් ක්‍රමයක් නෑ. එයට හොඳම උදාහරණය රටේ ප්‍රධාන ජනමාධ්‍ය ‘සාංගිකාට එදිරිව පල්ලේගම හේමරතන’ නඩු නිමිත්තේ දී හැසුණු ආකාරය. මම දන්න රාජ්‍ය මාධ්‍යවල සිටින විශ්‍රාමික විප්ලවවාදීන් පවා මේ සිදුවීමේ දී සැදැහැවත් බෞද්ධ උපාසකයෝ වගේ හැසිරුණේ. ඉතින් බඩට උඩින් තියෙන ජනමාධ්‍ය ගැන කවර කතා ද?
ඔවුන් සියළුම දෙනා මේ සිංහල ආප්තය අනුවයි. ජීවත් වන්නේත්. මාධ්‍ය පරිහරණය කරන්නේත්. “බුරියට පහලින් නෑකම් නැත” උපාසකවරුනි. මතක තබා ගන්න. නීතිය තිබෙන්නේත් තිබිය යුත්තේත් බුරියට උඩින් පමණක නොව හිසට ද උඩින් ය.

Lanka Newsweek © 2026